Colombo Today Local News

නාවික හමුදාවට කොරෝනා ආසාදනය වුණේ සුදුවැල්ලෙන් නොවන බව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියයි

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් හේතු කාරණාවක් වූ බවට එල්ලවන චෝදනාවන් පිළිගත නොහැකි බවට ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ප්‍රසාද් දිනේෂ් ප්‍රකාශ කර සිටියි.

මෙරටින් වාර්තා වූ 206 වන කොරෝනා ආසාදිත රෝගියා වූ ප්‍රසාද් දිනේෂ් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන අතර ප්‍රදේශයේ සිදුවූ හොරකමක් හේතුවෙන් ඔහුව ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසියට භාර දෙනු ලැබුවා. ඒ, 2020 අප්‍රේල් 05 වෙනිදායි.

පසුව පොලිසිය විසින් ඔහුව රාගම රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හෙළිවිය.

ප්‍රසාද් දිනේෂ් නිරෝධායනය සඳහා යැවීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව කටයුතු කළ අතර එහිදී ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේදී නාවික හමුදා නිලධාරින් සිදුකළ වැඩපිලිවලකදී වැලිසර කඳවුරේ නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි සලකනු ලැබුවේ.

ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පවසන පරිදි ප්‍රසාද් දිනේෂ් හරහා කොරෝනා ආසාදිත පොකුරු 03ක් නිර්මාණය වී තිබු බවයි. ඒ හරහා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,100ක්.

වැලිසර නාවික හමුදාවේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 950ක පමණ පිරිසක් සහ ජා-ඇල සුදුවැල්ල සහ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඇතිවූ අනෙක් කොරෝනා පොකුරු දෙක ඇසුරෙන් රෝගීන් 150ක් වාර්තා විය.

2002 වර්ෂයේ හෙරොයින් පානය සඳහා යොමු වී සිටි ප්‍රසාද් දිනේෂ් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.

” රටේ නීතිය අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරිම වැරදි ක්‍රියාවක්. මම තදින්ම එයට ඇබ්බැහි වී සිටිය කෙනෙකු නොවේ. නමුත් කොරෝනා වසංගතය නිසා රටේ සංචරණ සීමා පැනෙව්වට පස්සේ මම දෛනිකව මත්ද්‍රව්‍ය භාවිත කළා.

මත්ද්‍රව්‍ය මිලදී ගන්න ඕන නිසා තවත් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා සොරකම් වල යෙදුණා. එවැනි අවස්ථාවකයි මාව අහුවුනේ.

නමුත් මගෙන් නාවික හමුදාවට කොරෝනා පැතිර ගියා කියන සිදුවීමට මම හේතුවක් වූ බවට වන චෝදනාව පිළිගන්න අමාරුයි.

නමුත් මම දැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මම අඩුම තරමින් දුම්වැටියක් වත් පානය කරන්නේ නැහැ. හැමදේයකින්ම මම ඈත් වෙලා පාඩුවේ මගේ ළමුන් දෙදෙනා එක්ක ඉන්නවා.

මම මත්ද්‍රව්‍යට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ නැති නිසා මට ලොකු අමාරුවක් වුනේ නැහැ. කොරෝනා ආපු එකෙන් උනේ හොදක්. මම අද ඒ පුරුද්දෙන් නිදහස්.

නමුත් මගෙන් කොරෝනා ව්‍යාප්ත උනා කියලා ඇතිවූ තත්ත්වය නිසා මට අද රැකියාවක් නැහැ. අඩුම තරමින් මට රැකියාවක් කවුරුවත් දෙන්නේ නැහැ.” AP පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රසාද් දිනේෂ් ප්‍රකාශ මේ බව කියා සිටියේය.

Related posts

අප්‍රිකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවලට අලුත් මාවතක්: බිල් ගේට්ස්ගේ දශක 2ක දායකත්වය

Admin

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

colombotoday

නැවත බලයට පත්වූවිට බලා ගන්නම් – ලණු ගිල්ල මහින්ද බොදු බලේට පුප්පයි

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

colombotoday

නොපිපි නොළුමේ උස් පියුම් මත සිට !!

colombotoday