Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

අද (23) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 204ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,847ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,375ක් වන අතර, රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,791 ක් ලෙස දැක්වේ.

අද දිනයේ ආසාදිතයෝ 428 ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා වැඩි විය.

Related posts

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

බන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

colombotoday

PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා ආසාදනය වෙලා

colombotoday