Colombo Today Local News

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු යැයි ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන බව අදට (20) යෙදෙන නබිනායකතුමාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (19) සඳහන් කළේය.
ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රණාමය පුදකරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශුද්ධ වූ කුරාණයට අනුව විශ්වයේ ඇති සෑම වස්තුවක්ම මවා ඇත්තේ යම් අරමුණක් උදෙසාය.

මිනිසා මවා ඇත්තේද යම් අරමුණක් ඉටුකිරීම පිණිසය. ඒ අරමුණ ඉෂ්ටප්‍රාප්ත කිරීමට කලින් කලට පත් කළ නබිවරුන් අතුරෙන් අවසන්වරට මෙලොවට පැමිණි නබිවරයා මුහම්මුද් නබිතුමාණෝය. එතුමාගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේද පහත් වන්නේද නැති බවයි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව නබිතුමාණෝ දේශනා කළහ.

ගැහැනු ළමයකුගේ උපත ශාපයක් ලෙස සැලැකූ යුගයක මුග්ධ ජනයා විසින් බිලිඳියන් උපන් පසු පණ පිටින් වළලා දමන ලදී. එහෙත් වැඩිකල් නොගොස් කාන්තාවන්ගේ ජීවන අයිතිය දිනාදීමට නබිතුමාණන්ට හැකි විය.

මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබිතුමා සූරාකෑමට එරෙහි විය. ඩහදිය වේලෙන්නට පෙර කම්කරුවන්ට හිමි වේතන අඩුනොකොට ලබාදිය යුතු යැයි එතුමා කීය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකී ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගා වූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍යය.

සියලු සත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමාණන්ගේ දර්ශනය අප සැමදෙනාගේම ෙදෙනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපැයීමට හේතු වේවා යි පවසමින් එතුමාගේ මේ වාර්ෂික ජන්මෝත්සව දිනයේ හෘදයාංගමව සුබ ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලාංකේය මුස්ලිම් සහෝදර ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමී බැතිමතුන්ටද මාගේ ගෞරවය හා ප්‍රණාමය පළ කරමි.

Related posts

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

Admin

වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා – බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

Admin

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

රජරටට දුන් නිවාස ආධාර හිටපු නිවාස ඇමති, හොර පාරකින් ණයට දීලා !

colombotoday

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin