Colombo Today Local News

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ අනාවරනය කරගෙන ඇත.

විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම ලැයිස්තුවේ සිටින අතර, ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙලෙස සිකුරාදා සවස වනවිට රඳවාගෙන සිටි සමස්ත සැකකරුවන් ගණන 33කි. ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන කරන ලද රසායනික පරීක්ෂණ අනුව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා මොහොතේදී කොකේන් නැමති මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව තහවුරු වී ඇතැයි ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට සිකුරාදා වාර්තා කළේය.

මධූෂ් සමඟ කොටුවූ පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමි තැනැත්තකු සිටි බවට පළවන වාර්තා ගැන ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ කිසිදු නිල තොරතුරක් වාර්තා කළේ නැත.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

Admin

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin