Colombo Today Local NewsGossip

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

dibulagalaපියාසර වස්තූන්වලින් පැමිණ තිබෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන් පොළක් ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටා තිබූ බව ගවේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත. අඩි 1200ක් උසකින් යුත් දිඹුලාගල පර්වතයේ විශාල

ගලක් කේන්ද්‍රකොට මෙම නවාතැන්පොළ සකස් කොට ඇති අතර, එහි ඇතුළත අඩි 10×10 ප්‍රමාණයෙන් යුක්තය. ඇතුළත උස අඩි 3ක් පමණ වේ. මෙම කාමරය තුළ අඩි 10×4 ප්‍රමාණයේ ගල් පුවරුවක විවිධ සංඥා අක්ෂර සටහන් කොට තිබේ.

පුරාවිද්‍යායින්ට පවා හඳුනා ගැනීමට නොහැකි බව පැවසෙන මෙම අක්ෂර අනුරාධපුර රන්මසු උයනෙහි පිහිටි ගල් පුවරුවෙහි සටහන් කොට ඇති සංඥා අක්ෂරවලට සමානකම් දක්වන බව ගවේෂක කණ්ඩායමේ අදහස වේ.

මෙම නවාතැන්පල පිටතින් දැකගන්නට නොමැති වුවද, ගල් පර්වතය යටින් අඩි 2ක් පමණ උසින් යුත් දොරටුවකින් ඇතුල්වීමට හැකිවන සේ නිර්මාණය කොට තිබේ. මෙහි මිනිසුන් ගැවසී ඇති බවට කිසිදු සලකුණක් නොමැති අතර, දූවිලි අංශුවලින් පිරී පැවතීම හේතුවෙන් අක්ෂර හඳුනාගැනීමට නොහැකිය.

දිඹුලාගල පර්වතය මුදුනේ ඉදිකොට ඇති අහස් මාළිගය නුදුරින්ම මෙම ස්ථානය පිහිටා තිබුණත්, මෙතෙක් කිසිවකුට හෝ මෙම ස්ථානයට ඇතුල්වීමට හැකිවී නැත. මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට විදේශීය විද්‍යාඥයින් පිරිසක් පසුගියදා පැමිණි බව දිඹුලාගල ආරණ්‍යසේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ අධිපති මාදුරුඔයේ විජිත හිමියෝ පැවසූහ.

මෙම ස්ථානය පිළිබඳව මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක්නොවූ බවද, මෙහි සටහන් කොට ඇති අක්ෂර සංඥා මගින් ගමන් බිමන් පිළිබඳව පෙන්නුම්කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේලාට දැකගන්නට ලැබෙන බවත්, මහ රහතුන් වහන්සේලා 500 නමක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අතීතයේ වැඩ වාසය කළ බව සඳහන් වන නිසා මෙම පුණ්‍ය භූමියේ මෙවැනි අද්භූත සිද්ධීන් පවතින බව සඳහන් කළ හැකියි.

ඡායාරූපය හා සටහන – ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ

 

Related posts

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

2020 මම විශ්‍රාම යන්නෙ නෑ… තව කරන්න වැඩ හුගක් තියනවා – ජනපති (VIDEO)

colombotoday

දකුණේදී ඇල්ලූ පාතාල කොටියාට කිරි පෙවූ ඇමති සුදාලා ‍හෙළිවෙයි.. ඉහළ අණින් පරීක්ෂණ නවතී

colombotoday

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

colombotoday

“මේ ආණ්ඩුවෙන් ෆෙඩරල් ගන්න පුළුවන්.. ඒ අවස්ථාව කඩාකප්පල් නොකර ඉවසීමෙන් වැඩ කරන්න” – සම්බන්ධන් TNA මන්ත්‍රීන්ට දන්වයි

colombotoday

බීම බෝතල්වලට සීනි මට්ටම පෙන්වන වර්ණ තීරුවක්

colombotoday