Colombo Today Local News

ති‍්‍ර/මලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්නේ නෑ – අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ කිව්වට කුලප්පු වෙන්න එපා – චම්පික

ති‍්‍රකුණාමලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්න යනවා කියලා. මේ රටේ මිනිස්සු බිය වැද්දීම තමන්ගේ දේශපාලනය කර ගත්තු තක්කඩින්ගේ පට්ටපල් බොරු චෝදනාවක් යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන දීප ව්‍යාප්ත ජනපියස ජංගම සේවා වැඩසටහනේ ගම්පහ දිස්ත‍්‍රික් වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී අදහස් වැඩිදුරටත් දැක්වූ අමාත්‍යවරයා,

මේ රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝ 4ක් ජාතික භෞතික සැලැස්මෙන් අඳුරගෙන තිබෙනවා. එකක් තමයි කොළඹ සිට ති‍්‍රකුණාමලයට තිබෙන කොරිඩෝව. අනෙක තමයි ගාල්ලේ සිට තිස්සමහාරාමයට, අනෙක යාපනයේ සිට කිලිනොච්චියට. අනෙක වාලච්චේනේ සිට අම්පාරට. ඊට අමතරව වෙනත් නගරත් ඇතුල්කර  තිබෙනවා.

මේක බුද්ධිමතුන් 3,000 කට අධික ප‍්‍රමාණයක් විවිධ ක්‍ෂෙත‍්‍රවල ගවේෂණයක් කරලා ජනගහන ව්‍යාපෘතිය ගැන බලලා, ජල සම්පත ගැන බලලා, ඒ වගේම ඉඩම් අයිතිය ගැන බලලා, ප‍්‍රායෝගික අනෙකුත් යටිතල පහසුකම් ගැන බලලා කරපු විශ්ලේෂණයක්.

මෙය නිර්මාණය කළේ විදේශිකයෝ නෙමෙයි දේශීය විද්‍යාඥයින්. අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ මේවට යම් යම් දේවල් ප‍්‍රකාශ කළැයි කියල ජනතාව කුලප්පු වෙන්න එපා. මොකද මේක වෘත්තීයවේදීන් හදපු දෙයක්. දේශපාලන වාචාලයෝ කරපු වැඩක් නෙමේ යැයි පැවසීය.

Related posts

ස්ථාන මාරුවීම් ලැබූ සුරාබදු මානව සම්පත් කොමසාරිස් තවම කාර්යාලයේ : නව පත්වීම් ලැබූ නිලධාරියා අසරණ වෙයි

colombotoday

සජිත්ට එජාපය දුන්නොත් කරන දෙයක් ගැන හර්ෂන කියයි

Admin

ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි – ලාෆ් සභාපති

colombotoday

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

සජිත්ගේ ප්‍රශ්නයට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක්

Admin

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday