Colombo Today Local News

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

ශ්‍රී ලංකා තැපෑලට තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසයි.

තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණයෙන් එම ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේය.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 06ක පාඩුවක් ලබන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

මේ අතර ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිපුනතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවිමටත් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරිමටත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

හඬ කවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශනයේදී අය කෙරෙන බදු නැවත සක්‍රිය කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

colombotoday

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin