Colombo Today Local News

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද (30) දිනයේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම සිදුකරන බවය.

අගෝස්තු මස 05 වන දින පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දයදීමට පුද්ගලයින් හත් ලක්ෂ 53,037 දෙනෙකු ඉල්ලීම් කර තිබූ අතර ඉන් හත් ලක්ෂ 5,085 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 47,430ක් මේ වන විට ප්‍රතික්ෂේප කර ඇති බවය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ හැර තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 14 සහ 15 යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලය, පොලීසිය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල තැපැල්ඡන්ද සලකුණු කිරීම ජුලි මස 16 සහ 17 යන දිනවල දී සිදුකිරීමට නියමිත අතර එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ජුලි මස 20 සහ 21 දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා තිබේ.

Related posts

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

යාපනයේ ජීව මෝටාර් උණ්ඩය පුපරවයි

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

කොටි එලියට – බුද්ධි අංශ නිලධාරීන් හිර ගෙට – බොදු බලේට උද්ඝෝෂණ තහනම්

colombotoday

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday