Colombo Today Local News

ත්‍රස්ත සැකකරුවෙකුට නිදහස ඉල්ලා ඇමති බදියුදීන් කොල් තුනක් දීලා… කණ රත්වෙන්න දුන් පිළිතුර ගැන යුදහමුදාපති කියයි…

පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක් ලෙසද අර්ථ නිරූපනය විය හැකි බවද සදහන් කලේය.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් ඇමති බදියුදීන් තමන්ට දුරකථන ඇමතුම තුනක් දුන් බවත් කී හමදාපතිවරයා පලමු ඇමතුමේදී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ බවත් පැවසීය.

දෙවනි වර විමසීමේදී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමනට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සේනානායක මහතා කීය.

Related posts

පුත්තලමේ මුස්ලිම් පල්ලියක ගුටි කෙලියක්, බේරන්න ආ අයටත් ගහලා.

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday