Colombo Today Local News

තවත් තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

තහනම් කරන ලද තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු ඊයේ (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදුකළ අයෙක් බව පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් 21 දා කොළඹ හා අවට ප්‍රදේශවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට ශ්‍රි ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරිම ප්‍රතිසංස්කරණය කිරිම ජාතීන් අතර අසමගිය ඇති කිරිමට ආධාර අනුබල දීම යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 59 හැවිරිදි අයෙකි.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday