Colombo Today Local News

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේ දී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

අද (09)දින මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත.

ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී අවධානය යොමු කෙරිණි.

ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි ද පවසා තිබේ.

Related posts

රාජ්‍ය ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

පරණ අවුරුද්ද සදහා ස්නානය අද

colombotoday

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday