Colombo Today Sports News

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ලංකාවෙන් බිහි වෙයි

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබේ.

ඒ, ජර්මනියේ ඊයේ (08)දින පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයකදීයි.

එම තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්.

2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වන දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී තත්පර 10.22 ක දක්ෂතාවක් වාර්තා කරමින් හිමාෂ ඒෂාන් එම වාර්තාව පිහිටුවා තිබුණා.

Related posts

සිව්වැනි වරටත් වසරේ ක්‍රීඩයා කුමාර සංගක්කාර – Photo

colombotoday

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

Admin

ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේ

colombotoday

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ට

colombotoday

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin