Colombo Today Sports News

ජෝ රූට්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවක

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටිනවා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

එහිදී Joe Root ලකුණු 143ක් රැස් කිරීමට සමත් වූ අතර Ben Duckett ලකුණු 40ක් සහ Harry Brook ලකුණු 33ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

කඩුල්ලේ රැඳී සිටින Gus Atkinson ලකුණු 74ක් හා Matthew Potts ලකුණු 20ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 08වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් ලබා තිබෙනවා.

Related posts

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් ලංකා ප්‍රිමියලිග් යාපනය කණ්ඩායමේ සම හිමිකාරිත්වයට

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday