Colombo Today Local News

ජාත්‍යන්තර නිරීක්ෂකයන් නැතිව දේශීය පරීක්ෂණ එපා – කොටි නායක රුද්‍රකුමාර්

12049741.cms_

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණයට විනිශ්චයරුවන් සහ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් සමන්විත අන්තර්ජාතික කණ්ඩායමක් අවශ්‍ය බව හිටපු ජාත්‍යන්තර කොටි නායක වී රුද්‍රකුමාරන් පවසනවා.

සම්මත වූ යෝජනාවට අනුව අන්තර්ජාතික කණ්ඩායමකින් එය සිදුවනු දැකීම ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින සියලූම දෙමළ ජනතාවගේ අපේක්ෂාව බවයි හිටපු කොටි නායකයා සඳහන් කළේ. ඒ සඳහා මිලියන 1යි දශම 4ක ජන සහභාගීත්වයකින් යුත් අත්සන් මිලියනයක් ලබාගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද ඔහු කියාසිටී. සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත වූ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේද දෙමුහුම් අපරාධ අධිකරණයක් ස්ථාපනය කළ යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

Related posts

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

Admin

අන්තර්ජාලය හරහා හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා කොටුවෙයි

Admin

ඉදිරි සතියේ සහල් මිල අඩුවෙයි – වැඩි මිලට විකිණුවොත් ලක්ෂයක දඩයක්

colombotoday

පක්ෂය හදන හැටි ජේ.ආර්.ගෙන් ඉගෙන ගන්න – ජෝන්ගෙන් රනිල්ට තද දේශනයක්…

colombotoday

පිටිකිරි-දියර කිරි නිෂ්පාදනයතවත් පහළ බහී

colombotoday