Colombo Today Local News

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය එම නිලධාරීන් සමග අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී විමසුමට ලක්විය.

නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලය ඔස්සේ ද දැකගැනීමට පිළිවන.

වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කර ගනී.

ගුවන් ගමන් හා රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ සිට විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, ආදායම් බදු සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු අවස්ථා රැසකදී ඉදිරිපත් කළයුතු ජීව තොරතුරු එහි ඇතුළත් කොට තිබේ.

ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යෝජනා කෙරිණි. එහි මූලික සැකසුම් 2012 වසරේදී ආරම්භ විය.

නව හැඳුනුම්පත සැකසීම විද්වත් කමිටුවක් යටතේ තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පුර්ණ මගපෙන්වීමෙන් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක අධීක්ෂණයෙන් සිදු කෙරේ.

සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

Related posts

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

රංජන් රාමනායක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ

colombotoday

රොහින්ග්‍යා සරණාගතයන් වැටළු අය අත්අඩංගුවට ගන්නවා – රාජිත

colombotoday