Colombo Today Local News

චම්පික රණවක දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

Update:

හිටපු ඇමති පාටලී චම්පික රණවක දෙසැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර සිටියා.


පාටලී චම්පිකට එරෙහි නඩුව කැඳවයි – නීතිඥවරු ඇප අයදියි

ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය චම්පික රණවකට එරෙහි නඩුව මේ වනවිට අලුත්කඩේ අංක 4 අධිකරණයේදී කැඳවා තිබෙනවා.

විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මෙම නඩුව පස්වරු 1.30 දක්වා කල් තබන ලෙස ඉල්ලා සිටි අතර එයට නීතිපති දෙපාර්තමේන්තුව තම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙය හප්පා පලායමක් (hit and run) බවයි. යතුරුපැදි කරුවන් හඹා ගොස් රියදුරු චම්පික රණවක බවට හඳුනා ගත් බව අධිකරණයට දන්වා සිටියා.

සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සඳහා ඇප ලබා දිය හැකි බවත් ඇප දීමට එරෙහි වීම සම්බන්ධයෙන් 14 වගන්තිය ‍යටතේ උල්ලංඝනය වීමක් ගැන කිසිදු කරුනක් නීතිපති ඉදිරිපත් නොමැති බවත් සැකකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටියා.

Related posts

පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න. පිරිතක් තියලා පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන්ද?

colombotoday

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday

දැනටත් අගමැති මමයි.. පුලුවන්නම් බහුතරය පෙන්වන්න – අගමැතිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin