World

ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයි

සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හත්දහසකට අධිකයි.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවෙන් ඊයේ නව ආසාදිතයන් 19,790 දෙනෙක් හඳුනා ගැනීමත් සමග ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 505 ක්.
එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.

මේ අතර කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරුණු, මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන ක්ලෝරොකුවීන් පරීක්ෂා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

ඒ එම ඖෂධය මඟින් කොවිඩ් ආසාදිතයන්ගේ මරණ අවදානම ඉහළ යා හැකි බව මෑතක දී කළ වෛද්‍ය අධ්‍යයනයකින් අනාවරණය කිරීමෙන් පසුවයි.

Related posts

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday

ඌරු මස් ජෙලටින් අඩංගු චීන එන්නත එපා. ළිඳකට ඌරාගේ මයිලක් වැටුණත් එම ළිඳේ ජලය මුස්ලිම්වරුන්ට තහනම්. | මුම්බායි උලමා සභාව පවසයි.

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

colombotoday

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday