Colombo Today Local News

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඬුල්ල හමුවේ අද (11දා) විභාගයට ගත්තේය.

එහිදී විනිසුරු මඬුල්ලේ වැඩි ඡන්දයෙන් අභියාචනය ප්‍රතික්ෂේප විය

මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.

Related posts

යාපනය පුරා යතුරුපැදි කල්ලි.. පොලීසිය කලබල වී වෙඩි තැබුවේ ඒ නිසයි – ඇමති සාගල

colombotoday

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට ඉතිහාසයේ මුල් වරට හිමි තනතුරු

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

colombotoday