Colombo Today Local News

කුඩ්ඩා නැළවූ පෑළියගොඩ පොලිස් ලොක්කා දැලේ…

පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කොළඹ මෝදර වැල්ලේ පාතාලයේ ප්‍රබලයකුද වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම පාතාල ප්‍රබලයා රුපියල් මිලියන හයක්‌ වටිනා හෙරොයින් මත්කුඩු සහ “අයිස්‌” මත්ද්‍රව්‍ය තොගයක්‌ සමඟ පෑලියගොඩ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස්‌ ප්‍රධානියා පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ එම කුඩු ජාවාරම්කරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී ය.


මෝදර වැල්ලේ පාතාලයට සම්බන්ධ සමන්ත නමැති මෙම කුඩු ජාවාරම්කරු පදිංචි නිවසට යාබද නිවසක ජීවත් වන ඉහත පොලිස්‌ ප්‍රධානියා දීර්ඝ කාලයක සිට සිය ගමන් බිමන් සඳහා භාවිත කර ඇත්තේ කුඩු ජාවාරම්කරුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ බවද හෙළි වී ඇත.

අත්අඩංගුවට පත්වීමට පෙර නිතර පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියට පැමිණ ජේ්‍යෂ්ඨ පොලිස්‌ නිලධාරියා හමුවී ඇති මෙම කුඩු ජාවාරම්කරු එහිදී පොලිස්‌ ප්‍රධානියා ඔහුව අමතා ඇත්තේ වෙනත් නමකින් බවද සඳහන් වේ.

අත්අංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරු පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රදේශයේ මත් උවදුර මැඬලීමට විශාල වෙහෙසක්‌ දරද්දී ඔහු යටතේ ඇති පෑලියගොඩ මූලස්‌ථාන පොලිසියේ ඡේ්‍යෂ්ඨ නිලධාරියෙක්‌ මෙසේ කුඩු ජාවාරම්කරුවකු ඇසුරු කිරීම පිළිබඳව මේ වන විට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශනයක්‌ද අරඹා ඇත.

Related posts

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday

කන පලාගත් මරික්කාර්, ලැජ්ජාවෙන් “මට නෙවෙයි මම ගැහුවා කියලා ලියන්න” මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලයි

colombotoday

යාපනේ හින්දු කෝවිල්වල බිලිපූජා තහනම් කරමින් විනිසුරු ඉලංචේලියන් තීන්දුවක් දෙයි !

colombotoday