Covid 19

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ති​බේ.

මේ හේතුවෙන් එම සංස්ථාවේ සේවයේ නියුතු 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දුන් බව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.

මෙලෙස ආසාදනය වූ රියැදුරන් අතර ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ රියැදුරුද සිටින බවත් වාර්තා වෙයි. ඒ හේතුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

කොවිඩ් ආසාදනය වූ රියැදුරන් සිව් දෙනා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද චන්ද්‍රපාල ලියනගේ සඳහන් කළේය.

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

colombotoday

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ් පොසිට්ව්.

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 101ක් – – සමස්තය 2,000 ඉක්මවයි

colombotoday

රෝගීන් නිවෙ­ස්වල සැඟවී සිටීම කොවිඩ් මරණ වැඩි වීමට හේතු­වයි

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday