Colombo Today Local News

කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් මිය යතැයි අනුමාන කෙරේ

සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවයි.

චීනයේ මෙම වෛරසය පැතිරීම ආරම්භයට මාස තුනකට පෙර ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුනේ ඔවුන් සකස් කර ඇති උපකල්පිත වැඩසටහනක් යටතේයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ පළමු වරට චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගය පිලිබඳව වාර්තා වීමේදී තමන් පුදුමයට පත්නොවූ බවය.

“මෙම වෛරසය මිට පෙර වාර්තාවූ “සාර්ස් වෛරසයට” වඩා වේගයෙන් පැතිරෙන බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා. වෛරසය පැතිරී යාම ආරම්භවී මාස 06ක් ගතවන තැන මෙය ලෝකයේ සෑම රටකටම පැතිරී යනු ඇති බවයි” වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ.

” මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී මේ කරුණු වාර්තා වුනා. 1918 වර්ෂයේදී ස්පාඤ්ඤයේ පැතිරී ගිය උණ රෝගය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා. එම උණ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500ක්. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක් වුවා. එවැනි වෛරස් රෝගයක් යලි පැතිරීමේ අවධානමක් ගැන අප කල්තියා අවධානය යොමු කළා. එහිදී අපට පරිගණක දත්ත මගින් පෙන්නුම් කළා මෙවැනි වෛරස් තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි විනාශය කොතරම්ද කියා. එය දැන් සිදුවෙමින් පවතිනවා. මෙය ලොව පුරා පැතිරී යන වසංගත තත්ත්වයක් පමණක් නොවේ. එය ලෝක ආර්ථිකයටද විශාල පහරක් එල්ල කරාවි” ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය සකස් කර ඇති පරිගණක උපක්ල්පිතය අනුව නව කොරෝනා වෛරසයට මාස 18ක් තුලදී ලොවපුරා පැතිරී යාමෙන් පුද්ගලයින් මිලියන 65ක් මරණයට පත් කිරීමේ හැකියාව ඇති බව අනුමාන කර ඇත. මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 41ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 1300කට ආසන්න වනවා.

චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

උපුටා ගැනීමකි

Related posts

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

Admin

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

colombotoday

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරයි | දින13ක PCR වාර්තා තවම නෑ

colombotoday

ජනපතිවරුන්ගේ වෙඩි නොවදින රථ සමගින් කොටින්ගේ නෞකාවක් මහ සයුරේ ගිල්වා දැමුණේ මෙහෙමයි (PHOTOS)

colombotoday