Colombo Today Local News

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරයි | දින13ක PCR වාර්තා තවම නෑ

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (12)දින වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නගර සභා පරිශ්‍රයෙන් පිටතට ගෙනයාමේ උත්සහයට විරෝධය පළ කිරීම උදෙසා බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“මේ තීරණය වෛද්‍යවරයෙක් සහ පළාත් පාලන ආයතනයේ උපසභාපතිවරයෙක් සමග ඇති වුණ වචන හුවමාරුවක ප්‍රතිඵලයක්. මේ පෞද්ගලික සිදුවීමට උත්තර හොයන්නේ නැතුව එකේ තියෙන ව්‍යුහාත්මක වෙනසක් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස බලපෑම් කරලා අනවබෝධයෙන් සෞඛ්‍ය පරිපාලනය මේ සම්බන්ධයෙන් තීරණ අරගෙන පළාතේ සෞඛ්‍ය පිළිබඳ බලධාරීත්වය දරන පළාත් පාලන ආයතනය ප්‍රතික්ෂේප කරලා මුල්‍ය ප්‍රතිපාදන සපයන ආයතනය ප්‍රතික්ෂේප කරලා මේ කටයුත්ත කරන්න බෑ කියන මතේ අපි ඉන්නවා.“

මේ අතර දින 13ක් ගතවි ඇතත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පීසීආර් පරීක්ෂණ වාර්තා මෙතෙක් නොලැබීම හේතුවෙන් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ සභාපති පුලින රණසිංහ මහතා සඳහන් කළේය.

Related posts

ඛණිජතෙල් වර්ජනය අගහරුවාදා තෙක් අත්හිටුවයි.. වරාය ගිවිසුම සංශෝධනයට ජනපති එකගයි !

colombotoday

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

colombotoday