Colombo Today Local Newsfeatured

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

කොරෝනා අසාදිත දේහයන් භූමිදානය කිරීමට රජයෙන් අවසර දුන් බවට පලවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

මේ අනුව වර්තමානයේ පවතින විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් තවමත් යම් අයෙකු මියගියහොත් සිදු කරනු ලබන්නේ ආදාහනය බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වනවිට සමාජ මාධ්‍යජාලා තුල මෙම නීති වෙනස් කල බවට තොරතුරු පළවුවත් එවැනි තීරණයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කලේ..

නමුත් ඊයේ (09) වනදා නිවේදනයක් නිකුත්කරමින් සිලෝන් තව්හිඩ් ජමාත් සංවිධානය පැවසුවේ මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දී ඇති බවත් තම සංවිධානයට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි විසින් එය තහවුරු කල බවත් සඳහන් කර සිටියා.

Related posts

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

colombotoday

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday