Covid 19World

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ  එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇති අතර රෝගය වැළඳුනු තවත් ඥාතීන් තිදෙනෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ඥාති පවුල් කිහිපයක හමුවකට සහභාගී වීමෙන් පසු 73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ වැඩිහිටි දරුවන් හයදෙනා  රෝගාතුර විය.

තවත් ඥාතීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ස්වයං නිරෝධායනය කරමින් සිටින අතර ඔවුන් ද ආසාදනය වී ඇත්දැයි සැකකරන බව බලධාරීහු පවසති.

මියගිය පවුලේ සාමාජිකයන් සිව් දෙනා වන්නේ ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ දරුවන් වන රීටා ෆුස්කෝ-ජැක්සන්, කාර්මයින් ෆුස්කෝ සහ වින්සන්ට් ෆුස්කෝ ය.

කතෝලික පාසල් ගුරුවරියක වන 55 හැවිරිදි රීටා ෆුස්කෝ-ජැක්සන් සිකුරාදා මිය ගියාය.
රාජ්‍ය සෞඛ්‍ය කොමසාරිස් ජුඩිත් පර්සිචිලි පවසන පරිදි ඇයට වෙනත් සෞඛ්‍ය ගැටලු තිබී නොමැත.

නිව් ජර්සි සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එම ප්‍රාන්තයේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය දෙවන පුද්ගලයා ෆුස්කෝ-ජැක්සන් මහත්මිය බවයි. 

පළමු මරණය ද ෆුස්කෝ පවුලේ රැස්වීමකට සහභාගී වූ අයෙකුගේ බව ඔවුහු පවසති.

පවුලේ සාමාජික පැරඩිසෝ ෆොඩෙරා පවසන්නේ එම හමුවට සහභාගී වූ පවුලේ සාමාජිකයින් 19 දෙනෙකු දැන් ස්වයං නිරෝධායනයට වී සිටින අතර ඔවුන්ගේ වෛරස් පරීක්ෂණවල ප්‍රතිඵල දැන ගැනීමට සතියකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවී ඇති බවයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

ඔලිම්පික් මැද ටෝකියෝ නුවර රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි යයි

colombotoday

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගටෙයි – 26ක් මරුට

Admin

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday