Colombo Today Local News

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

වසර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ දෙමළ සටන්කාමීන් සිහි කිරීමට පනවා ඇති වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් යයි එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපියට අත්සන් තැබීම උතුරු පළාත් සභාවේ හිටපු සභාපති වරයාගේ කාර්යාලයේ දී සිදු කර තිබේ.

– lanka c news

Related posts

විරෝධතාකරුවන් 21 දෙනාට ඇප

colombotoday

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

colombotoday

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin