Colombo Today Local News

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40ක් වයසැති කුඩා දැරියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.

ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි මවක දින 40ක් වයසැති සිය දියණියට කිරී දී ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පරික්ෂා කෙට එම අවස්ථාවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතට රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල වෙතට රැගෙන එන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් දැනුම් දි තිබෙනවා.

අනතුරුව දැරියගේ මරණය සමබන්ධයෙන් සිදුකල මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනවරනය වී ඇත්තේ දැරියට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවයි.

Related posts

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළිත් දින 2ක් විවෘත කෙරේ

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday