Colombo Today Local News

රනිල්-රවී ඇවිලෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීම අත්තනෝමතික ක්‍රියාවක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ ක්‍රියාකාරීන් වෙත දැනුම් දී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත්තේ පක්ෂ තීරණයක් මත නොව ඇයගේ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස යැයි ක්‍රියාකාරීන්ට තවදුරටත් දැනුම් දී තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අයත් සෙසු පක්ෂ සමග සාකච්ඡා කොට සාමූහික තීරණයක් ගත යුතුව තිබූ බවත් මෙම තීරණය එවැනි සාකච්ඡාවකින් පසු ගන්නා ලද එකක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා මන්ත්‍රීවරු නම් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ සියලු පක්ෂ නායකයින්ගේ හමුවක් අද පවත්වා එහිදී තීරණයක් ගැනීමට නියමිතව තිබූ බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට පෙර කුමන්ත්‍රණකාරී ලෙස රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇතැයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ ක්‍රියාකාරීන්ට දැනුම් දී තිබේ.
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් බැවින් මෙවැනි අවස්ථාවකදී ඔහුට තනි තීරණයක් ගත නොහැකි බවත් ඔහු සාමූහික තීරණයක් ගතයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියාකාරීන්ට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි – හිටපු ඇමති කෙනෙකු ගැනත් හෙළිවේ

colombotoday

යාපනේ හිස ඔසවන ජාතිවාදී ගිනි පුපුරු – අනාගමික ආණ්ඩුවේ ආගමික ඇමති හුරතල් වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

දේවානි ආරක්ෂා කරන්න මම සෑම විටම ඉදිරිපත් වෙනවා.. – පරිසර ඇමැති කියයි

colombotoday