Colombo Today Local News

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරලාගල පුරාවිද්‍යා රක්ෂිත භූමියේ පිහිටි ඉපැරැණි දාගැබක මුදුනට නැඟ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔළුවිල්හි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ශිෂ්‍යයන් අටදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්‍රාත් එච්.කේ. මාලින්ද හර්ෂන ද අල්විස් මහතා ඔවුන් පෙබරවාරි මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඊයේ (24දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අම්පාර ඔළුවිල් අගින්දිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන දුම්මලසූරිය පදිංචි, පිරි මොහොමඩ් සාමිල් අංල (25), එරාවුර්හි පදිංචි අබ්දුල් සලාම් මොහොමඩ් රිකාස් (25), හොරොව්පොතාන පදිංචි අබ්දුල් ෆාසික් මොහොමඩ් (28), පුත්තලම පදිංචි හලීල් මොහොමදු හලීල් (25), අක්කරයපත්තු පදිංචි මොහොමට් ඊබ්‍රහිම් සිෆාම් මොහොමඩ් (25), කල්මුණේ පදිංචි මොහොමඩ් රියාස් මොහොමඩ් රවුෆික් අසාර් (25) සයින්දමරදු පදිංචි අබ්දුල් අසීෆ් දිල්හාන් (25) හා එරාවුර් පදිංචි තාරිස් මොහොමදු සබ්රාස් (25) යන සිසුන් කණ්ඩායමයි.

සැකකරුවන්ට මේ මස අවසානයේ විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටීමට තිබෙන බැවින් ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් අයැද සිටියත් එම ඉල්ලීම විනිසුරුවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

Related posts

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

colombotoday

දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday