Colombo Today Local News

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

z_p10-Differencesපාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ගිනි අවි ලබා දීමේ කිසිදු වරදක් නැති බව සමාජ සුබසාධන සහ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි .ඔහු කියා සිටියේ ,තිත්ත ඇත්ත කතා කරන ලංකාවේ මිනිහෙකුට ඉතිහාසයේ කිසිදු දිනක ජීවත් වීමට ඉඩකඩ ලැබී නොමැති නිසා තමන් තිත්ත ඇත්ත කතා කරන ජනතා නියෝජිතයෙකු හෙයින් ගිනි අවියක් අත්‍යවශ්‍ය බවයි.

තමා වටා ආරක්ෂක භටයින් සිටින නමුත් තමන් ඇතැම් අවස්ථාවලදී තනියම ගමන් බිමන් යන හෙයින් තමන්ගේ ආත්ම ආරක්ෂාවට ගිනි අවියක් අවශ්‍ය බවද ඔහු පැවසුවා .ලංකාවට කුඩු ,එතනෝල් ගෙන්වන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන්,දේශපාලඥයන්ගෙන් තමන්ට ජිවීත තර්ජන පවා ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ,ඒ අය සමග මුහුණට මුහුණ සටන් කිරීමට තමන්ට ගිනි අවියක් අවශ්‍ය බවයි.

මේ අතර මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා දීම හරහා වැරදි පූර්වාදර්ශයක් රටට යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට දිය යුත්තේ ගිනි අවි නොව සංවර්ධන අවි බවත් නිවාස අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරුන් ගිනි අවි භාවිතා කිරීම යහපාලනයට සුදුසු නොවන බැවින් ලබා දුන් ගිනි අවි නැවත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර තිබුණේ.

Related posts

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

“සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට. එහෙම සංචිත තිබුණා නම් මට ත් කරන්න තිබුණා.”

colombotoday

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල අද වනවිට තවත් පහල දානවා… මහින්ද වැඩේ කෑවා…

colombotoday

තම අවසන් කටයුතු ගැන සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත! (Video)

colombotoday

කොටින්ට වැඩිම හානියක් සිදුකළ, යුද සමයේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් දැන් හිරේ !

colombotoday

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin