Colombo Today Local News

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

තම පක්ෂයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරු ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය විසින්ම එම තීරණය හකුලා ගත යුතු බවයි. එසේ නොකරන්නේ නම් මේ සතියේදීම අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය විවෘත සාකච්ඡාවකට සූදානම් නම් සමගි ජන බලවේගයද ඊට සූදනම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු කථානායක කරු ජයසුරිය පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකි බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයද අද රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

colombotoday

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

දිවයින පුරා සිදු කල වැටලීම්වලිදී හෙරොයින් සමග සැකකරුවන් 4734 ක් අත්අඩංගුවේ

colombotoday