Colombo Today Local News

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

ඌව ආණ්ඩුකාරවරයා ලෙස පසුගියදා පත් කළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාට එම ධූරයේ වැඩ බාර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පත්වීමට ඌව මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා විසින් දැඩි විරෝධයක් දැක්වීම නිසාය. කීර්ති ඌවේ ආණ්ඩුකාරයා කළොත් තමාට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව චාමර ජනාධිපතිවරයාට දන්වා ඇති බවද පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් කීර්තිව ඌවෙන් දකුණට මාරු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර ඇති බව පැවසේ.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

කලින් සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර නොගත් බවට ද වාර්තා පැතිර තිබිණි.

මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

මාර්ෂල් පෙරේරා මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාය.

Related posts

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

නිට්ටෑ බිය ගලගේදරටත්. රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යති

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

colombotoday