Colombo Today Local News

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

උතුරු පළාතේ සිවිල් රාජ්‍ය ආයතන වෙතට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට වත්මන් රජය උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ කිලිනෝචිය කිරංචි ප්‍රදේශයේ ඊයේ (04දා) දින පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

 ‘පසුගිය දිනයන්හි රජය විසින් මැතිවරණ පොරොන්දුවකට අනුව අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන බව පවසා සම්මුඛ පරික්ෂණ තිබුණා. එහි සම්මුඛ පරික්ෂණ මෙහෙයවූවේ ආරක්ෂක අංශ සාමාජිකයින්.එමගින් පෙනී යන්නේ උතුරේ සිවිල් කටයුතු වෙනුවෙන් ආරක්ෂක අංශ යොදා ගැනීමේ උත්සහයක් පිළිබඳවයි.

මෙරට ඉතිහාසයේ කවදාවත් නොවන අයුරින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූවා පසුව උතුරේ සංවර්ධනයට මෙන්ම ජාතික ගැටලුවටද විසඳුම් සෙවීමට උත්සාහ ගත්තා. උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන්ද වැඩිම මුදලක් වෙන්වුණේත් මේ කාලයේ ඒ මුදලුත් ජනාධිපතවරෙණයත් සමග අත්හිටුවා තිබෙනවා. මේ සියලු දේ අධික්ෂණය කර මෙවර මහමැතිවරණයෙන් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි විශ්වාස කරනවා.”

Related posts

යුද්ධ හමුදා ගිලන් රථයක් වෑන් රථයක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේ

Admin

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

අලුත්ම බුද්ධි අංශ වාර්තාව සජිත් අතට ඇවිල්ලා

Admin

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin