Colombo Today Local News

උතුරේ බුද්ධාගම ව්‍යාප්තියට මාගේ විරෝධයක් නෑ.. මගේ ප්‍රකාශය විකෘති කරලා – ආණ්ඩුකාර සුරේන් රාඝවන්

උතුරු පළාත තුළ බුද්ධාගම ව්‍යාප්තිය පිළිබදව තමන් කළේයැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා කරුණු විකෘති කිරීමක් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

කලම්බු ටුඩේ සමග අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, තමන් සිලෝන් ටුඩේ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක් සිංහල සහ දමිළ භාෂාවට පරිවර්ථනය කිරීමේදී තම අදහස් විකෘති වී ඇති බවයි.

උතුරු පළාත තුළ බුද්ධාගම ව්‍යාප්ත වීම පිළිබදව කිසිසේත්ම තමන්ගේ විරෝධයක් නොමැති බවත්, ඒ පිළිබදව ඕනෑම අයෙකුට තමන් පිළිබදව සාකච්ඡා කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.

සුරේන් රාඝවන් මහතා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් බෞද්ධ දර්ශනය පිළිබදව ආචාර්ය උපාධිය ලැබූ අයෙක්ද වෙයි.

Related posts

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

colombotoday

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday