World

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති.

ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස එලෙස එම වෙබ් අඩවියට පිවිසුණු බව ඔවුහු පැවැසූහ.

ඉරානයේ හැකර්කරුවන් පිරිසක් යැයි පැවසෙන එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ.

එම වෙබ් අඩවිය ඇමෙරිකානු පුරවැසියන්ට රජයේ ප්‍රකාශන කිසිදු වියදමකින් තොරව ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. වෙබ් අඩවියේ නම වෙනස් කිරීමෙන් පසු ඔවුන් එහි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි මහතාගේ සහ ඉරාන ධජයේ රූප ද පළ කර තිබේ.

“සුලෙයිමානීගේ වසර ගණනාවක අසමසම කැපවීමේ ප්‍රතිඵලය ප්‍රාණත්‍යාග” යැයි සඳහන් කරමින් හැකර්කරුවන් රූප සටහනක් නිර්මාණය කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපතිවරයාට අත මිට මොළවා පහරක් එල්ල වන අයුරු ද දක්වා තිබිණි. ඊට යටින් ඉරාන මිසයිල ද එම රූප සටහනට එක් කර තිබිණි.

“ඔහු නික්ම ගිය නමුත් දෙවියන්ගේ බලයත් සමඟ ඔහුගේ රාජකාරිය සහ මාර්ගය අවසන් වෙන්නේ නැහැ. ඔහුගේ ලෙයින් සහ අනෙකුත් විරුවන්ගේ ලෙයින් දෑත් අපවිත්‍ර කරගත් අපරාධකරුවන්ගෙන් පළිගන්නවා” යැයි ද එම රූප සටහනේ දක්වා තිබිණි.

“මෙය ඉරානයේ සයිබර් හැකියාවේ පුංචි දෙයක් පමණයි” යනුවෙන් ද වෙබ් පිටුවේ තවත් තැනක දැක්විණි. 

Related posts

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

colombotoday

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

colombotoday