Colombo Today Local News

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

File_picture_INS_Savitri

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුලු වී තිබේ. කෝරා, කිර්පන්, සාවිත්‍රි යන ඉන්දීය නාවික හමුදාවට අයත් යුධ නෞකා තුන මෙසේ ත්‍රිකුණාමල වරායට ඇතුලු වූයේ ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සදහා බවයි පැවසෙන්නේ.

‘SLINEX 2015 ‘ ලෙස නම් කර ඇති නාවික පුහුණුව මේ මස 27 වන දින සිට නොවැම්බර් 01 දින දක්වා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී පැවැත්වෙන අතර ඉන්දිය යුද නැව් තුනට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 6 ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 6ක්ද අදාල පුහුණුව සදහා එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

සහයෝගීතාවය, සම්බන්ධීකරණය, සහ එක්ව කටයුතු කිරීම තුලින් කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම මෙන්ම ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබද අනෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම තුලින් දෙරටේ නාවික හමුදා අතර අන්තර් සන්නිවේදන හැකියාවන් සහ තාක්ෂණික ගැලපීම දියුණු කර ගැනීම මෙලෙස දෙරට අතර නාවික අභ්‍යාසය පැවැත්ව්මේ අරමුණු බවයි ඔවුන් පවසන්නේ.

File_picture_INS_Kora

Related posts

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

colombotoday

රටේ වැඩිපුර ඇති කලුගල් අපනයනය කරන්න සූදානම්

Admin

රජරටට දුන් නිවාස ආධාර හිටපු නිවාස ඇමති, හොර පාරකින් ණයට දීලා !

colombotoday

කල්මුනේ වෙඩි හුවමාරුව අවසන්… මරාගෙන මැරෙන යැයි සැක කෙරෙන පිපිරීම් තුනක්…

colombotoday

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday