World

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක් සිදුවන බවට එරට ජාතික අපරාධ තොරතුරු කාර්යංශය අනාවරණය කර තිබේ.

2019 වසර තුළ පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ ක්‍රියාවන් 405,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම කාර්යංශය පෙන්වා දී ඇත.

එය 2018 වසරට සාපේක්ෂව 7%ක ඉහළ යාමක් බව සඳහන් වේ.

කාන්තාවන්ට අමතරව කුඩා ළමුන්ට එරෙහි හිංසන ක්‍රියාවන්ද ඉන්දියාවෙන් බහුලව වාර්තා වන අතර පසුගිය වසරේ දී එවැනි සිදුවීම් 148,000 ක් පමණ වාර්තා වී තිබේ.

ඉන් සියයට 35 ක පමණ සංඛ්‍යාවක් ලිංගික අපයෝජන සිද්ධීන් වන බව ඉන්දීය ජාතික අපරාධ තොරතුරු කාර්යංශය ඳසහන් කරයි.

Related posts

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin

විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරුට

colombotoday

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

colombotoday

ඇෆ්ගනිස්තාන හමුදා භටයින් දහස් ගණනක් තජිකිස්තානයට පළායයි

colombotoday