Colombo Today Local News

ඇමති රිෂාඩ් බදියුදීන් දුන් එල්.ටී.ටී.ඊ යේ ගිනි අවි 5000ක් නැගෙනහිර මුස්ලිම් තරුණයන් අතේ…?

පුනරුත්ථාපනය වූ විමුක්ති කොටි පක්ෂය විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බරපතළ චෝදනාවක් සිදු කළේය.

එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ අවි ආයුධ 5,000ක් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයා මිලදී ගෙන ඇති බවත් ඒවා නැඟෙනහිර පළාතේ කින්නියා, කාත්තන්කුඩි සහ මුතූර් යන ප්‍රදේශවල සිටින මුස්ලිම් තරුණයන්ට ලබාදී ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම චෝදනා දැඩි පිළිකුලෙන යුතුව හෙළා දකිනිමින් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එච්.එල්.ඒ.එච්. හිස්බුල්ලාහ් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් විශේෂ ඉල්ලීමක් කොට තිබේ.

ඔහු එම ලිපිය අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාටද යොමු කර ඇත.

පුනරුත්ථාපනය වූ විමුක්ති කොටි පක්ෂය විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නායක සහ හිටපු එල්ටීටීඊ නායකයකු වන ඉන්බරාසා කන්දසාමි යන අය පදනම් විරහිත, බරපතළ අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කරමින් එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ අවි ආයුධ 5,000ක් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයා මිලදී ගෙන ඇති බවත් ඒවා නැඟෙනහිර පළාතේ කින්නියා, කාත්තන්කුඩි සහ මුතූර් යන ප්‍රදේශවල සිටින මුස්ලිම් තරුණයන්ට ලබාදී ඇති බවත් සඳහන් කරමින් සිදු කළ මෙම ප්‍රකාශය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකියි.

එවැනි අවි ආයුධ අමාත්‍යතුමාට ලැබී තිබුණේ නම් ඒවා කොතැනද විකිණුවේ නම් ඒ කාටද? කවදාද? කෙසේද? යන තොරතුරු හෙළිදරව් කරන මෙන් හිස්බුල්ලාහ් අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන, ජාතික සමඟියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, ජාතීන් අතර, ගැටුම් ඇති කරවන මෙවැනි අසත්‍ය කරුණු කිසිදු වගකීමකින්තොරව සමාජගත කිරීමෙන් රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද හිස්බුල්ලා අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙවැනි බරපතළ ප්‍රකාශ සිදුකරන අය පිළිබඳවත් මෙවැනි ක්‍රියා පිටුපස සිටින අය පිළිබඳවත් වහා රටට හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා වෙනුවෙන් සිදුකරන පරීක්ෂණවලට තම පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කරයි.

Related posts

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

Admin

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

විනය භාර ගුරුවරයාට පහර දුන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ්

Admin