Colombo Today Local News

අයියාගේ කැතිපහරින් මල්ලී මරුට

මහියංගණය හද්දත්තාව ගම්මානයේදී 31 හැවිරිදි මල්ලීට කැත්තකින් පහරදී ඝාතනය කළැයි සැකපිට 36 හැවිරිදි අයියා අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ වත්තේගෙදර සජිත ලක්මාල් නමැත්ති වැලි ව්‍යාපාරිකයෙකි .

ඒ අවස්ථාවේ මල්ලිගේ බිරිඳටද කැත්තෙන් පහරදී ඇති අතර ඇය අතක කැපුම් තුවාල සහිතව මහියංගණය මූලික රෝහලට ඇතුලත් කර තිබේ .

මොවුන් දෙදනාගේ නිවෙස් එකම වැටකින් වෙන්වන සේ පිහිටා ඇති අතර මල්ලී බිරිද හා දරු දෙදනා සමග හසලක නතරවී වැලි ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් නිවාඩු දිනයන්හි බිරිද හා දරු දෙදනා සමග හද්දත්තාවේ නිවසට පැමිණෙන බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය .

ඊයේ (30)දින අයියා රැකියාවට ගොස් නිවසට එන විට එම නිවස ආසන්නයේදි මල්ලී, අයියාට බැන වැදී ඇති බවත් එවිට අයියා නිවසට දිවගොස් කැත්තක් රැගෙන විත් මල්ලිට හා මල්ලීගේ බිරිඳට කැත්තෙන් පහරදී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය.

දෙදෙනා අතර කලකසිටි පැවති පුද්ගලික ආරවුලක් පිළිබදව බහින් බස් වීමකින් පසු මෙම ඝාතනය සිදුවී ඇති බවද අනාවරණය වී තිබේ.

මහියංගණය පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.

Related posts

නීතිපති ආරක්ෂක අංශවලට එරෙහි නඩු හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් කැඳවයි

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday

ටයර් සෑයවල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන මතකනම් ආයේ ප්‍රේමදාස යුගයකට යන්නේ නෑ

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday

කඩු 6,000ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

colombotoday