“උණ්ඩ තියෙන මේ ගොල්ලද මගේ තාත්තා එක්කරගෙන ගිය අය? දෙහැවිරිදි ළදැරියක වන සබීහා අහමඩ් තම අම්මාගෙන් විමසයි. ඇය සිටින්නේ පියා නොමැති කාංසාවෙනි. ඇයගේ මවද, පියාද ඇතුළු පුංචි පවුල අයත් වන්නේ මෙවන විට හැංගී දිවි ගෙවීමට සිදුව ඇති පකිස්ථානයේ අහමදිලා නම් සුළුතර වාර්ගික කණ්ඩායමටය.
ඉකුත් නොවැම්බර් 20 වන දින රාත්‍රීයේ අහමදි සුළුතර වාර්ගික ව්‍යාපාරිකයෙකුට අයත් ජෙලුම් ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි කර්මාන්ත ශාලාවක කුරාණයේ පිටපත් පුළුස්සන බවට ඕපදූපයක් පැතිර ගියේය. කිපුණු පිරිස් වහා එම කර්මාන්තශාලාවට කඩාවැදුණහ. ඔවුන් අතින් සිය ගණනක් මිනිසුන් මෙම කර්මාන්ත ශාලාවේ වධහිංසාවට ලක්වුණු අතර මෙම සිඟිත්තියගේ පවුලේ උදවිය සමග යම්තම් හෝ සම්බන්ධයක් පැවති සියලුමදෙනා පාහේ මොවුන්ට එතැනින් පළායන ලෙස බලකරන ලදී.
අහමදිස්ලා මෙහි වාසය කරනු ලැබුවේ ප්‍රශ්න කන්දරාවක් මැදය. ඉතා සුළුතර වාර්ගික කණ්ඩායමක් වන මොවුන් මතභේදයට තුඩුදී ඇති පකිස්ථානයේ නීතිමය වශයෙන් මුස්ලිම්වරුන් නොවන බවට ප්‍රකාශයට පත්කර තිබේ. එයට හේතුවන නම් මුහමද්තුමන්ට පසුව ශාස්තෘවරයෙකු පිළිබඳ මොවුන්ට ඇති විශ්වාසයයි.
සබීහා සිඟිත්තියගේ පියා වන අසිෆ් සහසාඩ් අහමදියා ජනවර්ගයට අයත් අතර ඔහු එකී දෛවෝපගත රාත්‍රීයේ එම කාර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී ප්‍රහාරයට ගොදුරු විය.
“ෆැක්ටේරියේ බොයිලේරුවේ වතුරෙන් මාව පිච්චුවට පස්සේත් මං ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ මගේ බිරිඳගේ සහ දරුවාට හිරිහැරයක් නොකොට ඔවුන්‍ට යන්න ඉඩදෙන ලෙසයි. සමහර කරුණාවන්ත මුස්ලිම්වරුන්ගේ උදව්ව මට ලැබෙන්නට තරම් මං වාසනාවන්ත වුණා. ඔවුන් මට පලායන්නට උදව් කළා” අසිෆ් පවසා ඇත. හෙතෙම මේ බව ඒ.එෆ්.පී පුවත් සේවයට කියා සිටියේ දැනට සතියකට පමණ පෙරාතුවය.
ඔහුගේ බිරිඳ වන හෆ්සා කියා සිටින්නේ තමා මුළුමනින්ම සිතාගෙන සිටියේ ඔහු ජීවිතක්ෂයට පත්වෙන්නට ඇතැයි කියාය.
“මට කවදාවත් ඔහුගෙන් ඈත්වෙන්නට ඕන වුණේ නෑ. නමුත් ඔහු කියා සිටියේ අපත් එක්ක හිටියොත් ඔහුගේ ජීවිකාව පහසු වුණත් මගේ සහ දරුවාගේ ජීවිතය අනතුරේ කියලයි” 24 හැවිරිදි ඇය AFP පුවත් සේවයට කියා සිටියාය.
අනෙකුත් අහමදි පවුල් සමග එදින රාත්‍රීයේ අසිෆ් විසින් හදිසියේ සැලසුම් කරන ලද මෝටර් රථයක නැඟී ඇය තනිව තත්ත්වය කළමනාකරණය කර ගනිමින් පළාගියාය. ඊට මොහොතකට පසු ඔහු ප්‍රහාරයට ලක්විය. ඇය තමාට සැලකූ මුස්ලිම් ජාතිකයෙකු සිහිපත් කළාය.
” ඔහු මටත් අනෙකුත් ස්ත්‍රීන්ටත් සැලකුවා. එ ඔහුගේම දුවලා ට වගේ. ” ඔහු මොවුන්ට සහය ලබාදුන්නේ ප්‍රහාරය අතරවාරයේ ඔවුන් යාත්‍රා කරද්දීය.
“මං ශාප කරනවා අපේ ආගමට” ඇය පවසන්නේ කේන්තියෙනි.
දැඩි මතධාරී ඉස්ලාමීය උගතුන් අහමදියා මුස්ලිම් ජනයාට ප්‍රසිද්ධියේ අපහාස කරනු ලබන්නේ ඔවුන් විපරීතයන් බව ප්‍රකාශ කරමිනි. මුහමද්තුමන්ට පසුව ශාස්තෘවරයෙකු ගැන ඔවුන් ඇදහීම දේව අපහාසයක් බවට ඔවුහු අවධාරණය කරයි. පකිස්ථානයේ මෙම ප්‍රශ්නය ඉතා සංවේදි කාරණයක් වන අතර මේ මොහොතේ පවා නඩු නැතිව දඬුවම් පැමිණවීමට හා ප්‍රචණ්ඩත්වයට රුකුල්දෙන කරුණක් බැව් සඳහන්ය.
ලෝකයේ අහමදි ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් වාසය කරනුයේ පකිස්ථානයේය. සංඛ්‍යාත්මක වශයෙන් එය ලක්ෂ 5ක් පමණය. වෙනස් කොට සැලකීමේ නීතිය කුමක්ද යන්න මනාව පැහැදිලි කරමින් මෙම ජනයා දැඩිමතධාරීන්ගේ ගර්හාවටත්, වධහිංසාවටත් නිරන්තරයෙන් ලක්වෙයි. මුස්ලිම් ජනයා ඔවුන්ගේ ඉස්ලාමීය චර්යා ධර්මයන් ආරක්ෂා කළ යුතු බවට සඳහන් කරමින් 1974-1984 දක්වා වූ කාලයේ දැඩි මතධාරීන්ගේ දැඩි බලපෑම් හමුවේ අහමදිස්ලා තහනම් කරනු ලැබීය. ´අස්ලාම් අලෛකුම්(ඔබට සාමය වේවා)යයි නිරන්තරයෙන් ආශිර්වාද කරන මුස්ලිම් ජාතිකයින් විසින්ම අහමදියලා වසර 3 ක් දක්වා සිරගත කරවීමට නීති සම්මත කරගෙන තිබීම දෛවෝපගතය.
“පකිස්ථානයේ අහමදි මුස්ලිම් ජනයා සුන්නි මුස්ලිම් ජනතාවගෙන් දිනපතා වධහිංසාවට ලක්වෙනවා. එසේම ඔවුන්ගේ ආගමේ ප්‍රාථමික කරුණු හේතුවෙන් තර්ජනයට හා නොයෙකුත් හිරිහැරවලට ලක්වෙනවා.” යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සම සභාපති ඩෙනිස් ජොන් අදහස් දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඒ පසුගියදා කර්මාන්ත ශාලවේ සිදුවුණු ප්‍රහාරය කෙරෙහි ලජ්ජා සහගත විය යුතු බව දක්වමිනි.
“මෙම ප්‍රහාරයෙන් පකිස්ථානයේ මානව හිමිකම් ආරක්ෂා කරලීමේ දුර්වලතාවය අඛණ්ඩව පෙන්නුම් කරනවා. එසේම අහමදි මුස්ලිම්වරුන්ට මූලික නිදහස ලබාදීමට පකිස්ථානු රජය ක්‍රියා කළ යුතුයි” ඔහු අවධාරණය කළේය.
2014 ජූලි මාසයේදීද ජෙලුම් ප්‍රදේශයට මෙවන් වාර්ගික ප්‍රහාරයක් එල්ලවූ අතර එම කාලයේම පුන්ජාබ් පළාතේ ගුජ්රන්වලා ප්‍රදේශයේ අහමදි ජනයාගේ නිවෙස් ගණනාවක් ගිනි තබා විනාශ කළ අතර තිදෙනෙකු පණ පිටින් පුළුස්සා ඝාතනය කර තිබිණි.
“මෙහේ ස්වදේශික ජනයා අපේ ආගම හේතුවෙන් අපට වෛර කරනවා.”මුබාශිරා ජාරි අල්ලාහ් පවසයි. ඇය වරෙක මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වූවෙකි.
“ඔවුන් අපේ ගෙවල් විනාශ කළේ දේවාපහාස කළ බවට චෝදනා කරමින්. මට මගේ අම්මා නැතිවුණා. ඒ විතරක් නෙවෙයි. ලේලිලා දෙන්නෙක් සහ මට උපදින්න සිටි දරුවා නැතිවුණා”
ඇය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරුවන විට අට මස් වියැති ගැබිණියකි. මෙවන් අසික්කිත ප්‍රචණ්ඩත්වයන් ශිෂ්‍ට සම්පන්න ලෝකයා විසින් හෙලාදකින බව සැබෑවකි. එහෙත් එසේ හෙලාදැකීමෙන් පමණක් මෙවන් අන්තවාදී ක්‍රියාවන් ලෝකයෙන් තුරන් කිරීමට නොහැකිවනු ඇත.
AFP – ඇසුරිණි. /Ada Derana