Colombo Today Local News

අත්අඩංගුවේ සිටින පොඩි ලැසී ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි

රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළේය.

ඒ අනුව පෙත්සම නැවත නොවැම්බර් මස 10 වන දින කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

‘පොඩි ලැසී’ තම නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තමන්ව මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවය.

බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල ව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බව ද කියා සිටියේය.

ඒ අනුව බන්ධනාගාරගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් කරන ලෙස ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියි.

Related posts

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

colombotoday

හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාවෙන් ජනතාවට ලිපියක්

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday

ගෝඨාභය ජනාධිපති වී නොහිටියා නම් අද අපි ඉවරයි – රොෂාන් ප්‍රනාන්දු කියයි

colombotoday

ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි

Admin