Colombo Today Local News

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

usa563අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි.

මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල් ද මේ ගැන අදහස් දක්වා ඇත.

ඇය පවසා ඇත්තේ සත්‍ය හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්‍රවේශයකට ගෙනයාම වෙනුවෙන් පැවති බාධකයක් අභිබවා යාමක් ලෙස එය දැකිය හැකි බවයි.

මේ අතර යුක්තිය, ප්‍රතිසන්ධානය හා වගවීම වෙනුවෙන් කැපවන අවස්ථාවක ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් ලෙස මෙය සැලකිය බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොස්කි ද ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර ඇත.

Related posts

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday