Colombo Today Local Newsfeaturedජනාධිපතිවරණය

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය නිත්‍යානුකුල බවට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය අද (4) තීන්දු කරා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතියෙන් කිසිදු බාදාවක් ඇති වන්නේ නෑ.

දින තුනක් පුරා විභාගයට ගැනුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්නකර අභියාචනාධිකරණයේ ගොනු කොට තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය තීන්දුවට එළඹියේය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කරුණු දක්වන ලදි.

පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීය.

Related posts

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නැහැ

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

colombotoday

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday

දේශපාලන අර්බුධය හමුවේ රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි..

colombotoday