Colombo Today Local News

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11)දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සිව් වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

මේ අතර නව කැබිනට් මණ්ඩලය හෙට (12)දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේ දී දිවුරුම්දීමට නියමිතය.

ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් මහනුවර මගුල් මඩුවේ දී දිවුරුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිතව තිබේ.

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කෙරිණි.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණපනත් සඳහන් කර එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

colombotoday