කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාලව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා එම කොට්ඨාශය වෙතපැමිණ තිබුණි.
කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් පිරිසක් මියගොස් ඇති බවට සිදු කළ ප්රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරුණු අතර ඊට අදාලව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්රීවරයා අද පෙරවරු 11.00 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙතපැමිණි අතර එහිදී පැයකට අධික කාලයක් ප්රකාශ සටහන් කර ගනු ලැබුවා.