Colombo Today Local News

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද සිදුවිය.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියේදී ක්‍රියා කරන බවට මෙම පක්ෂ දෙක අතර එකඟතාව ඇතිවූයේ අරලියගහ මන්දිරයේදීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන නායකත්වයෙන් රටට වැඩදායි ඉදිරි ගමනක් යාම තම අපේක්ෂාව බවයි එම අවස්ථාවට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ.

එහෙත් ඒ මොහොතේ පැවති දේශපාලන තතු සලකා බලා තනිව ගමනක් ගිය බවත්, මේ මොහොතේ රටේ කාලීන අවශ්‍යතාවන් සලකා රටට වැඩදායි යමක් කිරීමේ අභිප්‍රායෙන් මෙලෙස එකඟතාවකට පැමිණි බවත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් ඌණ පූර්ණයක්ව පවතින ජාතිත ලැයිස්තු ධූරයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නම් කරනු ඇති බව ද සදහන්.

Related posts

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

Admin

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin