Colombo Today Local News

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

ජනමාධ්‍ය මැදිහත් වීමෙන් පවත්වන රියැලිටි තරග, ටෙලිනාට්‍ය, වෙනත් වැඩසටහන්, එළිමහන්, ගෘහස්ථ ප්‍රසංග සහ විවිධ ප්‍රසංග යනාදිය සඳහා ඉදිරිපත් වන දරුවන්ට මුහුණ දීමට සිදු වන ලිංගික හා ලිංගික නොවන, අහිතකර මානසික හා ශාරීරික බලපෑම් ගැන අධීක්ෂණය කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය, රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරිය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

අදාළ ක්‍රියාකාරී සැලැස්මෙහි ප්‍රධාන අංගයක් ලෙස රියැලිටි වැඩසටහන් ඇතුළු දරුවන් යොදා ගනිමින් පවත්වන වැඩසටහන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට පියවර ගන්නා බවද, ඔවුන් සඳහන් කළා.

රියැලිටි තරග හා එළිමහන් වැඩසටහන්වලදී දරුවන් හසුරුවීම පිළිබඳ මාර්ගෝපදේශනයක් ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට ජාතික ළමාරක්ෂණ අධිකාරිය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සකස් කිරීමට බලාපොරොත්තු බවත් එසේම රියැලිටි වැඩසටහන්වලදී දරුවන් හසුරුවිය යුතු ආකාරය පිළිබඳව විනිශ්චය මණ්ඩලය හා සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මියද පැවසුවාය.

මේ අතර පසුගිය ඔක්තෝබර් මසදී කැබිනට් මණ්ඩලයෙන් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුමැතිය හිමි වුණා.

ළමා රියැලිටි වැඩසටහනකින් ජනාදරයට හා ජනප්‍රියත්වයට පත් වූ දැරියකට විදේශීය රටක පැවැත්වූ ප්‍රසංගයකදී මුහුණ පාන්නට සිදුවූ අකරතැබ්බය පහතින්

Related posts

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

colombotoday

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

Admin

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රා. සභාපතිට ඇප

colombotoday

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

colombotoday