Colombo Today Local News

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි  23 හි දොරගුළු    නැවත දැනුම් දෙන තුරු  වසා දැමු බව  හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය.

සභාපති වරයා එසේ පැවසුවේ  හොරොව්පොතාන කිව්ලේකඩ මුස්ලිම් පල්ලියේ පුද්ගලයන්  70 ක  භාගිත්වයෙන් පැවැති දේව මෙහෙය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා පැවසුවේ ඊයේ(27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් දේව මෙහෙයකට සහභාගී වූ හොරොව්පතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපති වරයා ඇතුළු දාහත් දෙනෙකුට ඊයේ(27) නීතිමය පියවර ගැනීමට හොරොව්පොතාන පොලිසිය කටයුතු කර තිබිණි.

Related posts

බැදුම්කර බෑණා තවත් ආයතනයක් මිලට ගනී.. සජින් වාස්ට තැන අහිමි වෙයි

colombotoday

සංවිධානයට බදවගන්නා ලෙස ලංකාව කල ඉල්ලීම බ්‍රික්ස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි

Admin

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday

රත්‍රං මිල පහළ යයි

Admin