Colombo Today Local News

හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් පොලීසියෙන් වසාදමයි

හෙම්මාතගම, අරණායක ප්‍රධාන මාර්ගය අසල පිහිටි කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ඉරිතැලිම් කිහිපයක් හේතුවෙන් එහි වෙළෙඳ ආයතන වසා දැමීමට හෙම්මාතගම පොලීසිය විසින් අද (22)දින දැනුම්දීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් ලබා ගන්නා තෙක් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, වසම භාර ග්‍රාම නිලධාරී ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹ තිබේ.

හෙම්මාතගම නගරයේ පිහිටා ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල, නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප්‍රධාන ගේට්ටුව අසල පිහිටීම හේතුවෙන් එහි අවධානම තවත් තීව්‍ර වී ඇත.

ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන් මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම වැළැක්විමට පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව හෙම්මාතගම පොලීසිය පවසයි.

මේ වන විට එම ගොඩනැගිල්ලේ ඉරිතැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර, ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු කිහිපයක් සෙලවිය හැකි බව ද එහි පැමිණි නිලධාරින්ට නිරීක්ෂණය වී තිබේ.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර උපකාරක පංති පැවැත්වීම් කර ඇත.

පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්වීම් සිදුනොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා ඇත.

Related posts

රාගම වෛද්‍ය පීඨයේ IVF ප්‍රතිකාරය සාර්ථකයි

Admin

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

colombotoday

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවත්වෙයි

Admin