Colombo Today Local News

හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සෞදි අරාබියේ ආයතනයක මූල්‍ය ආධාර ඇතිව දිවයින පුරා ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී හෙළිවී තිබේ. 

හිස්බුල්ලා මහතාට මෙම ඉඩම් මිලදී ගැනීම සඳහා මුදල් සම්පාදනය කළ ආයතනය ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානවලට ආධාර දෙන සෞදි අරාබි ආයතයක් වශයෙන් ද හඳුනාගෙන ඇත. 

ඒ අනුව හිස්බුල්ලා මහතා යම් උපායමාර්ගික සැලැස්මක් අනුව ක්‍රියාත්මක වී ඇති බවට පෙන්නුම් කෙරෙන බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. 

ඉස්ලාම් මූලධර්මවාදීන්ට මුදල් පොම්ප කරන ආයතන ගණනාවක් සෞදි අරාබියේ ඇති අතර හිස්බුල්ලා වැනි පිරිස් ඒවා හරහා කෝටි ප්‍රකෝටිපතියන් බවට ද පත් වේ. එහෙත් මේවායින් අවසානයේ අමාරුවේ වැටෙන්නේ සාමකාමී සාමාන්‍ය මුස්ලිම් ජනතාවය. එක් අතකින් මුදල් බලයත් අනෙක් අතින් දේශපාලන බලයත් හිමි හිස්බුල්ලා වැන්නන් හැමදාමත් කරන්නේ නීතියේ සිදුරු අතරින් රිංගා යාමය.

LNW

Related posts

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

TID නාලක සිල්වාට තවත් බරපතල චෝදනාවක් : අත්අඩංගුවට ගැනීමට යයි !

colombotoday

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

colombotoday

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

colombotoday

ලාංකික සරණාගතයින්ගෙන් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කර‍යි

Admin