Colombo Today Local News

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව බරපතළ ලෙස යුතුකම් පැහැර හැරිය බවට චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන්ද ආරක්ෂක අංශවල ඇතැම් අය ගැන ද විභාග කර ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු බව මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ සියලුදෙනා වෙනුවෙන් අපේ යුතුකම වන්නේ මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි අපරාධකරුවන් සහ එය සැලසුම් කළ අය ජනතාවට හෙළිදරව් කිරීමයි. ප්‍රහාරය සිදුව වසරයි. එහෙත් අපරාධකරුවන් හෙළිදරව් වී නැහැ යැයිද කාදිනල් තුමා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කාදිනල් තුමා මේ බව පැවසීය.

ප්‍රහාරය මෙහෙය වූ අයගේ සැලැස්ම වූයේ ජාතිවාදී, ආගම්වාදී අරගලයක් රටේ ඇති කර විදේශීය බලවේගවලට මෙහි ඇඟිලි ගැසීමට ඉඩ සලස්වාදීමයි. එම අනතුර වැළකී ගිය බවද කළ යුත්තේ මෙම සිද්ධියේදී මියගිය අයට සහ තුවාල ලැබූ අය වෙනුවෙන් යාඥා කරමින් සහ පින් අනුමෝදන් කරමින් සහෝදරත්වය පෙන්වීම යැයිද කාදිනල් තුමා කියා සිටී.

ඕනෑම බිහිසුණු ඝාතනයක් සිදුකර රතු ඵලස යට සඟවන අයුක්ති සහගත සහ පාපතර සංස්කෘතිය අප රටෙන් දැන් නිමා කළ යුතු බවද කාදිනල් තුමා අදහස වෙයි.

ජනාධිපති කොමිසම මේ වනතුරු කර ඇති වැඩ කොටස අවංකවම අගය කරන කාදිනල් තුමා දැනට සිදු කරන විමර්ශන ද විනිවිධභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව තවදුරටත් ගැඹුරින් සිදුවිය යුතු බවටද අවධාරණය කර සිටී.

Related posts

අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

ප්ලග් පොයින්ට් එකේ සිට ඇමති නිළ නිවසේ තිබූ බඩු රිෂාඩ් ගලවාගෙන ගිහින්. – පොදු දේපොළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday